Button

Button and Dropdown Example

පාන් පිටි වඩේ

වටේට ක්රිප්සි ගතියට තියෙනවා මැද සොෆ්ට් එකට තියෙනවා නියමයි ..
වැඩි වියදමක් යන්නේ නැතුව ලේසියෙන් හදාගන්න පුළුවන් ..
⁣මේ මම හදපු විදිහට කැමති නම් හදලා බලන්න රස.
💦💦
අවශ්ය ද්රව්
💦💦
පාන් පිටි 200g
ඊස්ට් තේ හැන්දක් (අලුත් ඊස්ට් ගන්න )
ලුණු අවශ්ය පමන
රට ළුණු ගෙඩියක්
අමු මිරිස් කරල් 3
කරපිංචා ඉත්තක්
මිරිස් කුඩු තේ හැදි බාගයක්
කැමති නම් කෑලි මිරිස් තේ හැදි කාලක් විතර
මද උනුසුම් වතුර
සුදු ළුණු බික් 4
බැද ගැනීමට තෙල්
💦
සාදාගන්නා ආකාරය .
💦
🖤
රට ළුණු , අමු මිරිස් , කරපිංචා හීනියට කපා ගන්න .
🖤
පාන් පිටි වලට ඊස්ට් , කපා ගත්ත දෙවල්, ලුණු , තලාගත්ත සුදු ළුණු ,මිරිස් කුඩු දමා අතෙ ඇලෙන තරමට අනා ගන්න ..
(දියාරුවට නෙමෙයි පිටි මිශ්රණය අතේ ඇලෙන තරමට වතුර දා ගන්න )
🖤
ඊට පස්සේ අනා ගත්ත භාජනයේ තියාගෙනම විනාඩි 10 ක් විතර හොඳින් තවත් අනා ගන්න ..
එතකොට තවත් සොෆ්ට් වෙනවා ..
🖤
ඊට පස්සේ පිටි මිශ්රණය වටේට තෙල් ටිකක් ගා ගෙන පිපෙන්න තියන්න ..
විනාඩි 40 ක් විතර තියන්න එ ඇති ..
🖤
ඊට පස්සේ අතට හොඳින් තෙල් ගා ගෙන මිශ්රණයෙන් ටිකක් අරගෙන උළුදු වඩේ විදිහට හදාගන්න ..
තෙල් තාච්චිය දා ගද්දි අත දිගේ ගිහින් වැටෙන්න දා ගන්න පුළුවන් නම් වඩේ එකේ හැඩය වෙනස් වෙන්නෙ නැතුව බැද ගන්න පුළුවන් ..
(අත පුච්ච ගන්න එපා )
🖤
ගින්දර අඩු කරගෙන බැද ගන්න .
නැතිනම් මැද අමු ගතිය තියෙයි..
🖤
ලලනි නිශා


උපුටාගැනීමකි. ලිපියේ සම්පූර්ණ අයිතිය හා ගෞරවය කතෘට හිමිවිය යුතුයි. උපුටාගැනීම - ඉවුම් පිහුම් With නිශා Link-https://www.facebook.com/profile.php?id=100082945731958