Button

Button and Dropdown Example

පොඩිත්තන්ට ප්‍රෝටීන් කැඳ

(පොඩිත්තන්ට රස ගුණ ඉක්මන් උදේ ආහාරයක් -විනාඩි 5)
*මෙම මිශ්‍රණය මාසයකට තරම් ප්‍රමාණයක් හදාගෙන ශීතකරණයේ තබාගත හැකියි. ගෙදර හැමෝටමත් ඉතාම හොඳ රසවත් පෝෂණීය උදෑසන ආහාරයක්. විශේෂයෙන්ම වෙජිටේරියන් අයට අවශ්‍ය ප්‍රෝටීන්, කැල්සියම්, සින්ක්, සෙලිනියම්,  මැංගනීස්, මැග්නීසියම්, කොපර් ආදී බොහෝ දේ ලැබෙනවා. 
පහළ තිබෙන හැමදේම හොඳින් කුඩු කර එකට කළවම් කරන්න. ඔබ ගන්නා ප්‍රමාණ ඔබට කැමති ආකාරයට වෙනස් කළ හැකියි. 
-ආමන්ඩ් 1kg
-වොල්නට්, හේසල් නට් ආදී ඕනෑම ඇට වර්ග එකතුවක් 2kg
-කළු තල හා සුදු තල 1kg
-වට්ටක්කා ඇට 1kg
-මුං ඇට 1kg
-සුවඳැල් හෝ වෙනත් ඖෂධීය සහල් 1kg
-කරපිංචා කිනිති 100 
-සූදුරු කොත්තමල්ලි හා ගම්මිරිස් ටිකක්
මේ සියල්ල යන්තමින් කබලේ බැද ග්‍රයින්ඩරයකින් කොටාගන්න. 
කරපිංචා ඉතා සිහින්ව ලියා පවනේ වේලාගන්න. ඉන්පසු සියල්ල බේසමක් වැනි භාජනයක මිශ්‍රකර Vaccum seal හෝ Ziplock කවරවල දමා ශීතකරණයේ (vaccum seal කිරීමෙන් මාස 6ක් වුවද) කල් තබාගත හැක.
උදෑසනට එම කුඩු මිශ්‍රණයෙන් කොප්පයක පමණ ප්‍රමාණයකට වතුර, ලුණු, හා සුදුළුණු බික් 5ක් පමණ දමා ලිපතබා, නටනවිට පොල්කිරි ටිකක් එක්කරන්න. ඔබට ඉතා රසවත් පෝෂණීය ආහාරයක් ලැබෙනු ඇත. 
*මීට අමතරව මෙම කුඩු මිශ්‍රණයේදී මෙනේරි, තණහාල්, ඕලුහාල්, ඕට්ස්, බාර්ලි, රටකජු, රුලං ආදී ඔබට කැමති වෙනත් ඕනෑම දෙයක් මෙයට එක්කිරීමට හෝ ඔබට ලබාගැනීමට අපහසු දේවල් ඉවත් කිරීමද කළ හැක. (නමුත් Flax seeds, කොල්ලු එක්කළොත් නම් රස තරමක් අමිහිරි වීමට ඉඩ ඇත) 
*රස සුවද දරාගත හැකි නම් කලුදුරු ද එක් කිරීමෙන් තවත් ඖශදීය ගුණ වැඩි කළ හැක. 
*ලෙඩරෝග ගණනාවකට සුදුසු වේ.
*දියවැඩියා රෝගීන්ටද Glycemic load ඉතා අඩු රස ගුණ පිරුනු උදෑසන ආහාරයකි.
*ඔබ එකතු කරන දේවල් සහ එහි ප්‍රමාණයක් අනුව රස ගුණ තරමක් වෙනස් විය හැක.
*ඔබට මෙය නිර්මාණාත්මකව  වෙනස් කරමින් සාදාගත හැක.
*මෙම ඇටවර්ග කබලේ බැද ගැනීමෙන් රස සුවද වැඩි වේ.
*මුංඇට වැනි රනිල කුලයේ බීජ ඇටවර්ග ගන්නාවිට දෙපියලි කරනලද ඇට ගැනීමෙන් එහි ඇති ලෙක්ටින් ප්‍රමාණය අවම කළ හැක.
*Celery, Corriander leaves, Parsley වැනි දේ එක් කිරීමෙන් රස සුවද විවිධත්වයක්ද ලබාගත හැක.
*පොල්කිරි වෙනුවට nonfat fresh milkද ආදේශ කරගත හැක. 
*ගම්මිරිස්, සූදුරු ආදිය වෙනුවට රට ඉදි, බ්ලූබෙරි වැනිදේද යොදාගත හැක.
*මෙයට සරල තෙම්පරාදුවක් එක්කර ගැනීමෙන් රසවත් රාත්‍රී සුප් ආහාරයක් ලෙසද සකසා ගත හැක.
*මෙම ඇට වර්ග සොයා ගැනීමට google search, FB market place, Kollupitiya supermarket, nut and seed sellers, සිංහල බෙහෙත් බඩු කඩවල


උපුටාගැනීමකි.

ලිපියේ සම්පූර්ණ අයිතිය හා ගෞරවය කතෘට හිමිවිය යුතුයි. උපුටාගැනීම - Link- https://www.facebook.com/SriLankaRasa