ලෝක විනාශයකින් වුවද විනාශ කළ නොහැකි උත්තර ධ්‍රැවයේ කෘෂි බීජ ගබඩාව

මිනිසා ලෝක විනාශයක් ගැන මත පළකරමින් සිටින්නේ වසර දහස් ගණනක සිටයි. යම් හෙයකින් ලෝක විනාශයක් සිදු වුවහොත් පරිසරය නැවත වරක් යථා තත්වයට පත් වූ පසු ජීවත්ව ඉතිරි වන මිනිසුන්ගේ පරිභෝජනය සඳහා කිසිදු ආහාර ද්රව්යයක් ඉතිරි නොවන බව දැන ගත් විද්යාඥයන් ඒ සඳහා අපූරු උපක්රමයක් යොදවලා තියනවා.
ලෝකයේ කොහේහරි තැනක ආහාර ගබඩාවක් තියනවා කියලා ඔබට හිතිලා තියනවද? ඇත්තටම එහෙම එකක් තියනවා. එය පිහිටා තිබෙන්නේ අධික සිසිල් කාලගුණයක් සහිත උත්තර ධ්රැවයේ නෝවේ සිට සැතපුම් 800 ක පමණ එපිටින් පිහිටා ඇති ස්වාල්බාඩ් නම් වූ දූපත් ප්රදේශයක. මිනිස් වාසයක සිට ස්වාල්බාඩ් දක්වා ඇති අවම දුර කිලෝ මීටර් 3000 ඉක්මවනවා.
හිම වළසුන් සහ ග්ලැසියර හැරෙන්නට එහි පිහිටා තිබෙන්නේ මෙම පුදුමාකාර ගබඩාව විතරයි. මෙම ගබඩාව ඉදි කරලා තියෙන්නේ ශක්තිමත් ග්ලැසියරයක් තුළ මීටර් 130 ක පමණ වට ප්රමාණයකින් යුතු උමගක් තුළයි. ඒ තුළ උෂ්ණත්වය නියත අගයක පවතින අතර උෂ්ණත්වයේ අඩු වැඩි වීම් සිදු වන්නේ නැති තරම්.
ආහාර ගබඩාවක් කියලා කිව්වත් ඇත්ත වශයෙන්ම එහි ගබඩා කර තිබෙන්නේ ආහාර නෙවෙයි, කෘෂි කාර්මික වගාවන් සඳහා අවශ්ය වන බීජ වර්ග සහ ජාන වර්ගයි. එහි ගබඩා කර ඇති බීජවලට අයත් ජාන විශේෂ ගණන නව ලක්ෂ තිස් දහසක් (930000) විතර වෙනවා.
සෑම වසර 10 කට වරක්ම මෙම බීජ ගබඩාවට අලුතින් බීජ වර්ග දහසක් පමණ එකතු වෙනවා. ඒ විවිධ රටවලින් ජාන වෙනස් කිරීමෙන් පසු විවිධ පාරිසරික තත්වයන්ට සුදුසු විදියට නිර්මාණය කරනු ලබන පරිසර හිතකාමී අලුත් බීජ වර්ග. මෙය තුළ රටවල් 150 කට වැඩි ප්රමාණයකින් ආනයනය කළ බීජ වර්ග තියනවා. ඒ අතර අර්තාපල් විශේෂ 4500 ක්, පොල් විශේෂ 3000 ක්, බඩ ඉරිඟු විශේෂ 35000 ක්, තිරිඟු විශේෂ 125000 ක්, වී විශේෂ ලක්ෂ දෙකක් පමණ ගබඩා කර තිබෙනවා. මේවා අතර වර්තමානයේ ලෝකයෙන් තුරන් වූ ආහාර වර්ග ද තිබීම විශේෂත්වයක්. මේ ආකාරයට ගබඩා කර ඇති සියළුම ආකාරයේ කෘෂි බීජ වර්ග ගණන මිලියන 1.5 ඉක්මවනවා.
මෙම ගබඩාව තුළට ඇතුළු වෙන්නෙකුට දකින්නට ලැබෙන්නේ ඒ තුළ පුරවා ඇති විවිධ ප්රමාණවලින් යුතු පෙට්ටි විතරයි. සමහර බීජ වර්ග එක් විශේෂයකින් 300 බැගින් හෝ 500 බැගින් වාතයෙන් තොර පරීක්ෂණ නල තුළ ද, සමහර බීජ වර්ග විනාශ නොවන පොලිතීන් කවර සහ ඇලුමීනියම් ෆොයිල් ඇසුරුම් තුළ ද ගබඩා කර විශාල පෙට්ටි වල අසුරා තිබෙනවා.
මේ සෑම ඇසුරුමකම එහි ඇති බීජ වර්ගයේ සියළුම විස්තර එනම් විද්යාත්මක නාමය, පැල කළ හැකි පාරිසරික තත්වයන්, බීජ ලබා ගැනීමට ගත වන කාලය, අස්වනු නෙලීමට ගතවන කාලය, වගා කළ යුතු ආකාරය, අඩංගු වී ඇති පෝෂණ සංඝටක ආදී සියළුම විස්තර වාර්තා වෙනවා.
ඒ, යම් හෙයකින් ලෝක විනාශයක් සිදුවී වසර දස දහස් ගණනකට පසුව මෙම ගබඩාව සොයා ගන්නා කෙනෙකුට වුවද පහසුවෙන් මේවා වගා කිරීමට හැකිවන පරිදියි. ලෝකයේ විවිධ රටවල කෘෂි ජාන බැංකු ඉදිකර තිබුණ ද ඒ කිසිවක් මෙම බීජ ගබඩාව තරම් හොඳින් පවත්වා ගෙන යන්නේ නැහැ.
එමෙන්ම උතුරු කොරියාව, සිරියාව, රුසියාව ආදී රටවල ඉදි කර තිබූ සමහර ජාන බැංකු යුධමය වාතාවරණයන් නිසා මේ වනවිට නිසි ලෙස කලමණාකරණය කිරීමක් හෝ සිදු වන්නේ ද නැහැ. මේ නිසා ලොව පවතින දැවැන්තම සහ සාර්ථකම බීජ ගබඩාව වන්නේ ද මෙයයි.
මෙම ගබඩාව ඉදිකිරීම සඳහා උත්තර ධ්රැවයේ මිනිස් වාසයෙන් තොර ප්රදේශයක් තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණා. එනම් බීජ වර්ග සහ ජාන වසර ගණනාවක් තිස්සේ ජීවී ගුණය රැකෙන අයුරින් ගබඩා කර තබා ගැනීමට නම් ඒ සඳහා ඒකාකාරී උෂ්ණත්වයක් සහිත දේශගුණික තත්වයක් අවශ්ය වෙනවා.
එය සෙල්සියස් අංශක ඍණ 18 ට වඩා අඩු උෂ්ණත්වයකි. මේ සඳහා සුදුසුම පාරිසරික තත්වය ඇත්තේ ස්වාල්බාඩ් ප්රදේශයේ වන බැවින් එම ප්රදේශය මෙම ජාන ගබඩාව සඳහා යොදා ගෙන තිබෙනවා.
මෙම පරිසරය ස්වභාවික අධි ශීතකරණයක් ලෙස ක්රියාකරන බැවින් කෘත්රිිමව නිපදවූ අධි ශීතකරණ අවශ්ය වන්නේ නැහැ. ඒ නිසා නඩත්තු කටයුතු සඳහා වැය වන වියදමත් අඩුයි. මෙම ගබඩාව පවත්වාගෙන යෑම සහ එහි පාලනය සම්පූර්ණයෙන්ම සිදු වෙන්නේ Consultative Group on International Agricultural Research (CGIAR) යටතේ යි.
ලෝකය කෘෂි කර්මාන්තයෙන් ජීවත් වීම ආරම්භ කළ යුගයේ සිට මේ දක්වා ගත වී කාලය යම් ප්රමාණයක් ද, අනාගතයේ ඒ තාක් කාලයක් මෙම ජානමය ආහාර ගබඩාවේ ඇති බීජ වර්ග සුරක්ෂිතව පවතිනු ඇති කියලා CGIAR පවසනවා.
විවිධ ආරක්ෂිත හේතු නිසා ගබඩාවට ඇතුළු වීමේ අවසර තිබෙන්නේ තුන් දෙනෙකුට පමණයි. ඒ මෙම ජාන ගබඩාවේ අධ්යක්ෂිකාව සහ එය භාරව සිටින ප්රධාන නිලධාරියාට සහ ප්රධාන ජාන ඉංජිනේරුවරයාට.
වෙනත් පුද්ගලයෙකු ඇතුළු වන්නේ නම් මොවුන් තිදෙනාගේ අනුදැනුම තිබිය යුතු වෙනවා.
කොපමණ ආරක්ෂිත ආකාරයෙන් මෙම බීජ ගබඩාව ඉදි කරනු ලැබුව ද මේ වනවිට එය ඉතා විශාල අවදානමකට මුහුණ දෙමින් පවතිනවා.
ඒ ගෝලීය උණුසුම දිනෙන් දිනම සිග්රයෙන් ඉහළ යාමේ අවදානමයි. මේ හේතුවෙන් උත්තර ධ්රවයේ හිම දියවී යාමේ තර්ජනයට ලක්ව තිබීමත්, අධික ශීතලෙන් යුතු මෙම ස්වාල්බාඩ් ප්රදේශයේ ඒකාකාරී උෂ්ණත්වය යම් යම් වෙනස්වීම්වලට භාජනය වීමත් ඊට හේතුවයි.
පසුගිය වසර අට තුළ මෙම ප්රදේශයේ පාරිසරික උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍන දශම දෙකකින් ඉහළ ගොස් තිබෙනවා.
මේ ආකාරයට උෂ්ණත්වය වැඩි වන්නට පටන් ගතහොත් මෙපමණ පිරිවැයක් දරා අනාගත ආහාර අර්බුදය වෙනුවෙන් ආරක්ෂා කරමින් පවතින බීජ ගබඩාව තව දුරටත් පවත්වා ගත නොහැකි තත්වයක් උද්ගත වනු ඇති බවට මත පළ වෙනවා.
කෙසේවෙතත්, මෙය විනාශ වී යා නොදී ආරක්ෂා කර ගත හැකි වුවහොත් යම් දිනයක ලෝකයේ ඇති සියළුම ආහාර වර්ග සම්පූර්ණයෙන්ම අවසන් වූ පසුව වුවද ලොව බිලියන 15 ක් පමණ වන අනාගත ජනගහනයක කුසගිනි නිවීමට මෙම ගබඩාව තුළ ඇති බීජ වර්ග ප්රයෝජනයට ගත හැකි බව නම් විශ්වාසයි.
දුලංජලී මුතුවාඩිගේ......
උපුටාගැණීම news19.lk .....


උපුටාගැනීමකි. ලිපියේ සම්පූර්ණ අයිතිය හා ගෞරවය කතෘට හිමිවිය යුතුයි. උපුටාගැනීම - ශානික රොශාන් Link- https://www.facebook.com/profile.php?id=100012108970824