මේ කොළපාටට තියෙන්නෙ ලෝකෙම "චිල් කරන" ඩොලර් බිලියන ගණන් වටින සන්නාම හදපු මල් ජාතියක්.
රුසියන් බසින් මේ මල්වලට කියන්නෙ хмель (ක්)හ්මියෙ(ල්) කියල. ඉංග්‍රිසියෙන් නම් hops හොප්ස්. හොප්ස් වැවෙන වැලේ විද්‍යාත්මක නාමය Humulus lupulus. මේක ලතින් වචනයක්. ඒකෙ සිංහල තේරුම "වනාන්තරයේ වෘකයා" කියන එක. කංසා ශාකය අයිති වෙන්නෙත් මේ හොප් ශාකය අයිති ශාක පවුලටමයි.
බියර්වල තියෙන ආවේනික සුවඳ, රස සහ තිත්ත ඇති වෙන්නෙ මේ හොප්ස්වල තියෙන රසායනික සංයෝග වලින්. හොප්ස් වර්ග ගණනාවක් තියෙනව. ඒ එක් එක් වර්ගය අනුව බියර් එකෙ රස, සුවඳ සහ තිත්ත ගතිය අඩු වැඩි වෙනවා.
රුසියාවෙ චුවාශයා ජනරජයෙ Чувашия හොප්ස් වගා කරනවා.
අගෝස්තු මාසෙ අග නැත්තං සරත් ඍතුවෙ මුල හොප්ස් නෙලීමට තරම් පරිනත වෙනවා. සුප්‍රකට බියර් සමාගම් බහුතරයක් බියර් හදන්න ගන්නෙ හොප්ස් මල් අඹරලා වේලලා හදපු කොළපාට පෙලට්.
හොඳින් පැසුණු ලා කහ කොල පාට නැවුම් හොප්ස් මල් විතරක් තෝරලා හදන බියර්වල බ්‍රෑන්ඩඩ් බියර් වලට වඩා නියම කොලිටියක් තියෙනව. ප්‍රංශෙ ජර්මනියෙ පාරම්පරිකව බියර් හදන ගෙවල්වල බියර් බීල තියෙන පාඨකයන් මීට සාක්ෂි දරනු ඇත.
බියර් කර්මාන්තෙ කියන්නෙ ලොකු profit margin එකක් තියෙන බිස්නස් එකක්. රූබල් 10,000ක් ආයෝජන කලොත් ඒකෙන් පුළුවන් රූබල් 40,000ක ආදායමක් ගන්න. ශුද්ධ ලාභෙ 30,000ක්. (හැබැයි බියර් හදන කලාව විද්‍යාව ප්‍රායෝගිකව දැනගෙන ඉන්න ඕන)
සමස්තයක් විදියට රුසියාවෙ බියර් සහ මධ්‍යසාර ගෙවල්වල හදන්න නීතියෙන් තහනම් නෑ. හැබැයි ලයිසන් නැතුව විකුණන එක තහනම්. නමුත් තමන් හදපු බියර් භාණ්ඩ හුවමාරුව යටතේ අසල්වැසියන් එක්ක බෙදාගත්තට අවුලක් නෑ. චීස්, වියලූ මස්/මාළු, බේකන්, ලිංගුස්, වියලි පලතුරු, ජෑම්, සෝස් වගෙ ආහාර වගෙම ගෘහස්ථව හදන සබන්, ඉටි පන්දම්, සුරුට්ටු වගෙ විවිධ භාණ්ඩ එක්ක හුවමාරු කරනවා.
තිරිඟු බාර්ලි ඕට්ස් වගෙ ධාන්‍යවල මෝල්ට්, යීස්ට්, වතුර සහ හොප්ස් මූලිකව බියර් හදන්න ගන්නවා. මීට අමතරව රහසිගත වට්ටෝරු පවතින අතර ඉඟුරු, ලෙමන් පොතු, කොකෝවා කුඩු, වැනිලා කරල්, ගම්මිරිස්, කුරුඳු වගෙ පැලෑටි වර්ග රාශියක් භාවිතා කරනවා.
බියර් හදන සාත්තරේ පලපුරුද්දෙන් හරියට ඉගෙන ගන්නවනං අවුරුදු දහයක් විතර යනව. නමුත් බියර් හදන විද්‍යාවයි කලාවයි දන්නවනං, කැපවීම තියෙනවනං, පාරිභෝගිකයන්ගෙ රුචිකත්වය අඳුරගන්න පුළුවන් නම් අවුරුද්දක් දෙකක් ඇතුලත ප්‍රවීණයෙක් වෙන්න පුළුවන්.
බියර් හදන්න දන්න ප්‍රවීණයෙක් රුපියල් වලින් නම් මාසිකව ඉලක්කයම් හතක වැටුපක් යුරෝපෙ ගන්නවා. ඉලක්කම් අට ගන්න අයත් ඔය අතරෙ ඉන්නවා.
උපුටාගැණීම මුහුණු පොතෙන් .....
උපුටාගැනීමකි.
ලිපියේ සම්පූර්ණ අයිතිය හා ගෞරවය කතෘට හිමිවිය යුතුයි.
උපුටාගැනීම - ශානික රොශාන්
Link- https://www.facebook.com/profile.php?id=100012108970824