තමන්ගේ ආදායමට වඩා විශාල ධනයක් වැයකොට නිවසක් සාදාගැනීමට ගොස් අමාරුවේ වැටුණු මිනිස්සු ඕනෑතරම්.
එහෙම අයට හොඳ ආදර්ශයකට ගන්න පුලුවන් චරිතයක් ගැනයි මේ.
වොරන් බපට් කියන්නේ දැනට ලොව සිටින 8 වෙනියට ධනවත්ම පුද්ගලයා ලෙසට සැලකෙනවා. ඩොලර් බිලියන 146.2 ක වත්කමක් හිමි 94 හැවිරිදි මේ ඇමරිකානු ජාතික මහා ධනවතා තවමත් ජීවත් වෙන්නේ ඔහු 1958 වසරේදී ඩොලර් 31,500 කට මිලදීගත් නිවසේයි.
වර්ග අඩි 6,000 ක් විශාල මෙම නිවසේ ඇත්තේ කාමර 5 ක් පමනයි. අඩුම තරමින් ගේට්ටුවක් හෝ නොමැති මෙම කුඩා නිවසේ ආරක්ෂාවට එක ආරක්ෂක නිළධාරියකු පමනක් සිටී.
තරුණ සුලු පරිමාණ ව්‍යාපාරිකයෙකු ලෙසට ජීවිතය පටන්ගත් ඔහු නව ව්‍යාපාර ආරම්භ කරමින් අද වනවිට මහා ව්‍යාපාර සිය ගණනක හිමිකරුවකු බවට පත්වී සිටිනවා.
ඉහත විස්තරය අනුව සමහරවිට ඔබ මේ පුද්ගලයා මහා ලෝභ මසුරු තැනැත්තෙක් යැයි සිතාවි.
නමුත් එය වැරදි අදහසක් වන්නේ ඔහු මේ වනවිට සිය ධනයෙන් ඩොලර් බිලියන 55 කට අධික ගණනක් පුණ්‍යධාර ලෙසට පරිත්‍යාග කොට එදා මෙදාතුර ලොව වැඩිම ධනයක් පරිත්‍යාග කරනලද පුද්ගලයා බවට පත්වී ඇති නිසාය.
උපුටාගැනීමකි.
ලිපියේ සම්පූර්ණ අයිතිය හා ගෞරවය කතෘට හිමිවිය යුතුයි.
උපුටාගැනීම - Sidath Roshan