නාසි ගුරාන් කියලා ලංකාවෙ භාවිතා කලාට මේකෙ නියම නම Nasi goreng. ඉන්දුනීසියානු ෆ්රයිඩ් රයිස් වර්ගයක් වන මෙය ඉතාම රසවත් බත් වර්ගයකි. ඉන්දුනීසියාවේ වගේම සිංගප්පූරුවෙත් මෙම බත් වර්ගය හරිම ජනප්රියයි. විවිධ ක්රමයට මෙම බත් වර්ගය පිළියෙල කරන අතර ශ්රී ලංකාවෙ ගොඩක්ම පිලියෙල කරන්නෙ එලවලු සහ කුකුල් මස්, ඉස්සො දැල්ලො යොදා ගනිමිනි. මෙහි විශේෂත්වය වන්නේ බත් එක බැදගත් බිත්තරයක් සමග පිළිගැන්වීමයි. ඒ වගේම බැදපු ඉස්සො, චිකන් සාතේ සහ අන්නාසි, තක්කාලි සහ පිපිඤ්ඤා පෙතිද ඇතුළත් වේ. ඒ වගේම මෙම බත් එක පිලියෙල කිරීම සඳහා දවසක් ශීතකරණයේ දැමූ බත් තමයි යොදා ගන්නෙ.
අවශ්ය ද්රව්ය
පිසගත් බත් ( බාස්මතී/ හීනි ඇට දිගැටි හාල් වර්ගයකින් පිසගත්.) කප් දෙකක්
සිහින්ව කොටු කපා ගත් කුකුල් මස් 150g
පොතු ඉවත් කර කපා ගත් ඉස්සන් 100g
රවුම් කපා ගත් දැල්ලන් 100g
කොටු කපා ගත් කැරට් 100g
සිහින්ව කපා ගත් ගෝවා100g
සිහින්ව කපා ගත් ළුෑණු කොල 100g
කපා ගත් ලොකු ළුෑණු ගෙඩියක්
කපා ගත් රතු මිරිස් කරල් දෙකක්( ඇට ඉවත් කල බෙල්පෙපර් මං ගත්තෙ. බෙල්පෙපර් ගන්නවා නම් ගෙඩි බාගයක් ඇති)
ඉඟුරු සුදුළුෑණු පේස්ට් තේ හැඳි 02
සෝයා සෝස්, ෆිෂ් සෝස්
රස අනුව ලුනූ ගම්මිරිස් කුඩු
බටර් හෝ තෙල් මේස හැඳි 01
ගසා ගත් බිත්තර 02
චිලිපේස්ට් මේස හැඳි 01
මේ ප්රමාණය 04 දෙනෙකුට සෑහේ
සාදන ක්රමය
මුලින්ම පෑන් එක ලිපේ තබා තෙල් හෝ බටර් දමන්න. එය රත් වේ ගෙන එන විට කුකුල් මස්, ඉස්සන් සහ දැල්ලන් දමා හොඳින් බැදෙන්නට හරින්න. එය බැදීගෙන එනවිට කැරට්, ළුෑණු සහ රතු මිරිස් එකතු කරන්න. දැන් පෑන් එකේ මැද වලක් මෙන් සාදා ගසා ගත් බිත්තර එකතු කරන්න. බිත්තර ස්ක්රැම්බල් කරන්න. එයට කපා ගත් ගෝවා එකතු කර චිලිපේස්ට් ටික එකතු කර හොඳින් කලවම් කරන්න. ( සුපර්මාර්කට් වල තියෙනවා නාසිගුරාන් මික්ස් පැකට්. ඒවට වඩා රසයි මෙහෙම හැදුවම) දැන් බත් ටික එකතු කර හොඳින් ෆ්රයි වෙන්න හරින්න. විනාඩි පහක් විතර.
(බත් එක දවසක් ශීතකරණයේ තැබීමෙන් මනා රසක් එකතු වේ. ඒ වගේම හොඳින් ෆ්රයිඩ් කරගත හැක. මං අරන් තියෙන්නෙ තායි හාල් වර්ගයක්. ඒ වර්ගයත් ගොඩක් රසයි. කීල්ස් සුපර් තියෙනවා)
ඉන්පසුව සෝයා සෝස් හා ෆිෂ් සෝස් එකතු කරන්න.
( සුපර්මාර්කට් වල තියෙනවා ස්වීට් සෝයා සෝස්. ඒක ඉන්දුනීසියාවෙන් ලංකාවට එන්නෙ. රෙස්ටුරන්ට් වල යොදා ගන්නෙ ඒක)
දැන් රස අනුව ලුණු ගම්මිරිස් කුඩු ඉස බබාලට සැර වැඩියි වගේ නම් සීනි චුට්ටක් ඉස ලිප නිවා ළුෑණු කොල ටික එකතු කරන්න. දැන් ඉතිං ඉහත කී ලෙස පිලිගන්වන්න.
උපුටාගැනීමකි.
ලිපියේ සම්පූර්ණ අයිතිය හා ගෞරවය කතෘට හිමිවිය යුතුයි.