කහ/ ඉඟුරු මැයි මාසයෙන් පස්සේ වගා කලොත් හොද අස්වැන්නක් ගන්න පුළුවන්ද?
කහ/ ඉඟුරු වලින් හොද අස්වැන්නක් ගන්න නම් නියමිත කාලයට වගා කල යුතු වෙනවා. මෙම බෝග දෙකම සිටවිය යුත්තේ මාර්තු - අප්‍රේල් මාසවල. වර්ෂාවත් සමගම මේවා පැළ වෙන්න පටන් ගන්නවා.
එතකොට මෙම බෝග වලට වර්ධනය වෙන්න ප්‍රමානවත් කාලයක් තියෙනවා. ඒක නිසා හොද අස්වැන්නක් ලබා ගන්න පුළුවන්.
මේක විද්‍යාත්මකව පැහැදිලි කරනවා නම්, ශාකයට අවශ්‍ය අනෙකුත් සාධක ප්‍රමාණවත්ව තිබේ නම් දවසේ ආලෝකය ලැබෙන කාල සීමාව වැඩිවන විට වායව කොටස් (පොලවෙන් ඉහළ ඇති කොටස්) හොදින් වර්ධනය වන අතර එම කාල සීමාව අඩු වන විට පොලව තුල ඇති රෛසෝම(කහ, ඉඟුරු අල) ප්‍රමානයෙන් විශාල වීම සිදු වේ.
සාමාන්‍යයෙන් මාර්තු මාසයේ සිට දිවා කාලය පැය 12 ට වඩා වැඩි වීම ආරම්භ වන අතර එය ඔක්තෝබර් මැද දක්වා පවතී. දිවා කාලය ජූනි හා ජූලි මාසවල වැඩිපුරම පවතී.
එබැවින් මාර්තු - අප්‍රේල් මාසවල වගා කල විට ඔක්තෝබර් මැද විතර වන තුරු රාත්‍රී කාලයට වඩා දිවා කාලය වැඩි බැවින් වායව කොටස් මාස 6-7 ක් හොඳින් වර්ධනය වන බැවින් කහ සහ ඉඟුරු වල පොළොවෙන් ඉහල ඇති කොටස් (ව්‍යාජ කඳ සහ පත්‍ර) උපරිම ලෙස වර්ධනය වේ.
එබැවින්,
කදේ උස වැඩි වේ.
කදේ මහත වැඩි වේ.
කඳන් ප්‍රමාණය /ගණන වැඩි වේ.
රෛසෝම ගණන වැඩි වේ.
එබැවින් හොඳ අස්වැන්නක් ලබාගැනීමට අවශ්‍ය කරුණු සියල්ල සිදු වේ.
ඔක්තෝබර් මස මැදින් පසුව දිනයේ ආලෝකය ලැබෙන කාලය පැය 12 ට වඩා අඩු වන විට මල් හටගැනීම ආරම්භ වන අතර වර්ධක වර්ධනය අඩු වේ. මෙම කාලයේදී රෛසෝම විශාලත්වය වැඩි වන අතර තන්තු තැන්පත් වීම ද වැඩි වේ. රෛසෝම මේරීම ද සිදු වේ.
තවද කහ සහ ඉඟුරු ස්වභාවිකවම මාර්තු සහ අප්‍රේල් මාස වල වැස්සත් සමඟ පැළ වීම ආරම්භ වේ. (උඩුදුම්බර, මිණිපේ වැනි අවාරේ වගා කරන ප්‍රදේශවල මේ වෙනස් වේ.) එබැවින් මැයි මාසයෙන් පසුව සිටවන බීජ, නියමිත ගුණාත්මය යුත් බීජ නොවිය හැකි අතර පැළවුන බීජ අල හෝ පැළ වු කොටස කඩා ඉවත් කළ බීජ විය හැකි ය. තවද එම බීජ සිටවීමෙන් පසුව පැළවීම සඳහා ද සති 2-3ක කාලයක් ගත වේ.
එබැවින් ප්‍රමාදවී වගා කිරීමෙන්,
කඳේ උස අඩු වේ.
කඳේ මහත අඩු වේ.
කඳන් ප්‍රමාණය /ගණන අඩු වේ.
රෛසෝම ගණන අඩු වේ.
මල් හට නොගනී හෝ අඩුවෙන් හටගනී.
එබැවින් ප්‍රමාදවී වගා කිරීමෙන්, මාස 6-7ක හොඳින් වර්ධනය විය හැකි කාලය අඩු වන බැවින් ප්‍රමාදවන කාලයට සාපේක්ෂව ලබාගත හැකි අස්වැන්න ප්‍රමාණය බොහෝ ලෙස අඩුවිය හැකි අතර රෛසෝම වල ප්‍රමාණයද කුඩා වේ.
උපුටාගැනීමකි.